Saturday, May 4, 2024

General line - 0115112241

බදුර්දින් ඇතුළු මුස්ලිම් මන්ත්‍රිවරු 07 දෙනෙක් හෙට ඇමතිධුරවල දිවුරුම් දෙයි

දිනුක් හේවාවිතාරණ




අමාත්‍යධුරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් හත් දෙනෙකු හෙට (26) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දිමට නියමිත බව රජයේ ආරංච් මාර්ග සදහන් කර සිටිනවා.

රාවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, මන්ත්‍රීවරුන් දෙදෙනා කැබිනට් අමාත්‍යවරුන් ලෙසද ෆයිසාල් කාසීම්, එච්.එම්.එම් ෆාරිස්, අමීර් අලි සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් සිව්දෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙසත් අබ්දුල් මහරුෆ් මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙසද දිවුරුම් දීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මන්ත්‍රිවරුන් ඔවුන් කලින්ම දැරූ අමාත්‍යධුරයන්හි යළි දිවුරුම් දෙනු ඇති බව සදහන්.

මෙම මන්ත්‍රිවරුන්ට අමාත්‍ය පදවි ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල අදාල නිර්දේශයන් මිට දින කිහිපයකට ඉහතදි ජනාධිපතිවරයාට යවා තිබෙනවා.

කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරු දෙදෙනා පසුගිය ජුනි මස 19 වෙනිදා ඔවුන් කලින් දැරූ කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දෙනු ලැබුවා.

අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවු පාස්කු  ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව සිදු කරනු ලබන පරීක්ෂණවලට සහය පළ කිරීම සදහා ආණ්ඩුව නියෝජනය කරනු ලබන මුස්ලිම් ඇමැතිවරු 09 දෙනෙක් ඉකුත් ජූනි මස 03 වැනිදා සිය ධූරවලින් ඉල්ලා අස්වුවා.