Monday, May 6, 2024

General line - 0115112241

පක්ෂ දහයක් සමග පොහොට්ටුව ගිවිසුම්ගත වේ

මහේෂ් චතුරංග/ ලහිරු කපුගේ




මෙතෙක් ඒකාබද්ධ විපක්‍ෂය  සමග කටයුතු නොකළ සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂ 10 ක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග අද පෙරවරුවේ අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදීයි.

මව්බිම ජනතා පක්‍ෂය, ලංකා කම්කරු එක්සත් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහ සභාව, භූමි පුත‍්‍ර පක්‍ෂය, ඊලවර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, තමිල එක්සත් නිදහස් පෙරමුණ, ලිබරල් පක්‍ෂය, නව සිහල උරුමය සහ මුස්ලිම් උලමා පක්‍ෂය මෙලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග අද ගිවිසුමකට එළඹුණා.

මේ, එම උත්සව සභාව ඇමතූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා.

බාහිර උපාධිධාරීන්ට ද රැකියා ලබාදීමටද රජය කටයුතු කළ යුතු බවයි විපක්‍ෂ නායකවරයා මෙහිදි සදහන් කළේ.