Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රැක ගැනීමට එක්වන්නැයි ඇමති අර්ජුන ගෙන් මාලිංගට ආරාධනාවක්




ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග සිය විශ්වාසය පළකර සිටිනවා. එක්දින ක්‍රිකට් තරග දිවියෙන් අද දින සමුගන්නා ලසිත් මාලිංග වෙත අමාත්‍යවරයා විසින් සිය සුභාෂිංශන එක් කරමින් ලිපියක් යොමු කර තිබෙනවා.

ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ විශිෂ්ට ක්‍රීඩකයකු ලෙස තමන් ලසිත් මාලිංග දකින බවයි මෙහිදී මෙරටට ලෝක කුසලානය දිනා දුන් හිටපු ක්‍රිකට් නායකයා සිය ලිපියේ සඳහන් කර සිටින්නේ.

වසර 15ක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා අභිමානය රැක දුන් ඔබට මම මගේ උපහාරය හදවතින්ම පුද කරමි. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් අද සමුගන්නා ඔබගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වන්නේ ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ දක්ෂ ක්‍රීඩකයකු ලෙසම පමණක් නොවේ 2015 වසරින් පසු මෑත කාලීන ක්‍රිකට් පරිපාලනයෙහි නොයෙකුත් කෙණෙහිලිකම් මැද දක්ෂතා ප්‍රකට කළ ක්‍රීඩකයකු ලෙසින්ද වේ.

අද අපේ ජීවිතයේ යම් සතුටක් කීර්තියක් හෝ ප්‍රතිලාභයක් ලබා ඇත්නම් එය අපට හිමි වූයේ ක්‍රිකට් ක්‍රීඩාව නිසායි. අපට දිරිදුන් ක්‍රීඩා ලෝලීන් අපේ ක්‍රිකට් ගුරුවරුන්ගේ සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණවයි. අපේ රටට ඉමහත් කීර්තියක් ගෙන දුන් එම ක්‍රීඩාව රැක ගැනීමට මම අවංකවම පෙනී සිටිමි. ඒ සටනට ඔබේ සහායද අනාගතයේදී එක් වනු ඇතැයි මම විශ්වාස කරමි" අරජුන රණතුංග අමාත්‍යවරයා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර සිටියි.