Monday, May 6, 2024

General line - 0115112241

බොරැල්ල රථවාහන OICට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රියදුරුට නීතිපති අධිචෝදනා ගොනු කරයි

දිනුක් හේවාවිතාරණ




බොරැල්ල, පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට මරු කැදවමින් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් එම සිද්ධියට අදාළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු නවිදු උමේෂ් රත්නායකට එරෙහිව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් අද (26) අධිචෝදනා ගොනු කර තිබෙනවා. 

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ විත්තිකරුට එරෙහිව නිතිපතිවරයා විසින් මෙලෙස කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළ බවයි.

පසුගිය පෙබරවාරි මස 24 වන දා බම්බලපිටිය, ඩුප්ලි බුලර්ස් මංසන්ධියේදී බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර ගමන් ගත් යතුරුපැදිය අනතුරට පත් කරමින් ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබූ අතර එය පසුව සොයා ගැනුණේ බත්තරමුල්ල ප්‍රදේශයෙන්.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ඩිෆෙන්ඩර් රථයේ රියදුරු නවිදු උමේෂ් රත්නායක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.