Tuesday, April 30, 2024

General line - 0115112241

පොහොට්ටුව තවත් පක්ෂ සමග සන්ධානගත වීම ගැටලුවක් නොවේ - එජාපය හා ශ්‍රීලනිපය කියයි

දිල්ෂාන් තුෂාර




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලන පක්‍ෂ 10ක් අවබෝධතා ගිවිසුමකට එළඹීම එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට ගැටළුවක් නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා. 

දෙපාර්ශවය අතර නව සන්ධානයක් බිහි කිරීම සදහා ඉදිරිපත්ව ඇති කරුණු 25 සම්බන්ධයෙන් සිය පාර්ශවයේ සංශෝධන මීළග සාකච්ඡුා වාරයේදී ඉදිරිපත් කරන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර කියාසිටියේ.

පොදුජන පෙරමුණ සමග සන්ධානගත වූ පක්‍ෂවලට ඡන්ද පදනමක් නොමැති බවයි එක්සත් ජාතික පක්‍ෂය පවසන්නේ. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර.