Wednesday, May 1, 2024

General line - 0115112241

ජාඇල, රාගම ඇතුළු අවට ප්‍රදේශවල ජල කප්පාදුව අවසන්

මහේෂ් චතුරංග




රාගම, කදාන, ජාඇල, සීදූව, කටුනායක සහ අවට ප්‍රදේශ කිහිපයකට අත්හිටුවා තිබූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙනවා. රාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ප්‍රධාන නළයක ඇති වූ හදිසි බිද වැටීමක් හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම හදිසියේ අත්හිටුවනු ලැබුවා.

එම නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර මේ වනවිට අදාළ ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. ජලය බෙදා හරින ටැංකිවල ධාරිතාව උපරිම මට්ටමට පැමිණි පසු අදාළ ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ජල සැපයුම ලැබෙනු ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා.