Saturday, May 4, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆිට එරෙහිව රතන හිමියන්, කුරුණෑගල ජනතාව සමග එක්ව සටනකට සැරසේ

ලහිරු කපුගේ




කුරුණෑගල ශික්ෂන රෝහලේදී සිසේරියන් සැත්කම් සිදු කළ මව්වරුන් වන්ද්‍ය කරනයට ලක්ව ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ නොමැති නම් එවැනි දියුණු උපකරණ මහජනයාගේ අධාරයෙන් ලබා දීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මෙම අදහස් පල කලේ කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අයථා ලෙස මුදල් ඉපයීම, ත්‍රස්තවාදයට අධාර අනුබල ලබා දීම සහ වද සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂන රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිගේ දේපල සහ වත්කම් පිළිබඳ හෙලි කිරීමට තමන් ඇතුළු කුරුණෑගල ජනතාව සුදානම් බවද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කලා.