Monday, May 6, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා චමල් රාජපක්ෂ : ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියයි

කාංචන ආරියදාස / පාලිත ආරියවංශ




පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට වැඩි ඉඩකඩක් පවතින බව අමාත්‍ය පී හැරිසන් පවසනවා. ඔහු මෙම අදහස් පළ කලේ කැකිරාව ප්‍රදේශයේදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබද මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද බදුල්ලේදී අදහස් පලකළා. ඔහු කියා සිටියේ රටට ඇති එකම විකල්පය අමාත්‍ය සජිත් ප්‍රේමදාස බවයි.