Monday, May 6, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය කැඳවීමේ සූදානමක් ඩලස් හෙලි කරයි

කසුන් කැලුම්




ජනාධිපතිවරණයට පෙර නීති විරෝධිව පළාත් සභා මැතිවරණය කැඳවීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ල අක්මීමන ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගෙන් මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්න කළා.