Monday, May 6, 2024

General line - 0115112241

අගමැති රනිල් ඉන්දියාවේ "දේව පුජාවක"

දිනුක් හේවාවිතාරණ




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේව පුජාවකට සහභාගිවිම සඳහා ඉන්දියාවට පැමිණි බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26)  කොල්ලූර්හි පිහිටි ශ්‍රී මූගාම්බික දේවාලයට ගොස් පූර්ණහුතී චන්ද්‍රිකා යාගයට එක්ව තිබෙනවා.

අගමැතිවරයා සමග ඔහුගේ බිරිඳ  මෛත්‍රී වික්‍රමසිංහ ද එක්ව සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර 2017 වසරේදී ද මෙම දේවාලයට පැමිණ ආගමික වතාවත් වල නිරතව තිබෙනවා.

ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යවරයාගේ පැමිණිම නිසා දේවාල පරිශ්‍රයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බවත්, අදාළ යාගයට සීමිත පිරිසකට පමණක් සහභාගි වීමට අවස්ථාව දුන් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටියේ.