Monday, May 6, 2024

General line - 0115112241

ජීප් රථයක සිටි දෙදෙනෙකුට වෙඩි තබයි - එක් අයෙක් මරුට




අද (28) අලුයම ලෑන්ඩ්කෘෘෂර් වර්ගයේ ජීප් රථයකට කොහුවල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද අලුයම 1.10ට පමණ කොහුවල ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී අදාළ ජීප් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ වෙඩි තබා පළාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ජීප් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ලගලයෙකු මියගොස් තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38ක් වූ අංක 195/10, මාදිවෙල පාර, උඩහමුල්ල ලිපිනයේ පදිංචි රණවක සුසිල් රුවන් පෙරේරා (ජීප් රථයේ රියදුරු) නම් අයෙක්.

වයස අවුරුදු 40ක් වූ අංක 82/3 කනත්ත පාර තලපත්පිටිය ලිපිනයේ පදිංචි අධිකාරි මුදියන්සේලාගේ ඉන්දික රොෂාන් යන අය වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.

වෙඩි තබා පළාගිය සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.