Monday, May 6, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේදී TNA සහාය තීරණය කෙරෙන හැටි කියයි

ලහිරු කපුගේ




ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහය ලබා දෙන්නේද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තිරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් නෙත් නිවුස් වෙත කියා සිටියේ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබා දිය හැකි ඍජු තීන්දු ගන්නා නායකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදීමට සිය පෙරමුණ බලාපොරොත්තුවෙන් සිටින බවයි.

සිය සන්ධානය සහය දක්වන ජනාධිපතිධූර අපේක්ෂකයාට තිබිය යුතු සුදුසුකම් පිළිබදව ද මෙහිදී විස්තර කෙරුණා.

ඒ අනුව "ඔහු ප්‍රථමයෙන් රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන කෙනෙක් විය යුතුයි. අපිට පක්ෂ වැඩක් නෑ. චන්ද්‍රිකා මැඩම් ආපු වෙලාවෙත් දෙමළ ජනතාව චන්ද්‍රිකා මැඩම්ට සහයෝගය දුන්නා.  ජනාධිපතිවරණයේදී ජනතාවගේ ඉල්ලීම මොනවාද කියලා බලලා තමයි අපි සහයෝගය දක්වන්න තීරණය කරන්නේ." බවයි සඳහන් කළේ.