Friday, September 20, 2024

General line - 0115112241

කබාලිගේ මූණට කුසල්ගේ මූණ (VIDEO)



කුසල් මෙන්ඩිස් ගැන ලංකාවේ විතරක් නෙමෙයි ලොව පුරාම මේ දවස් වල කතා බහ වෙන්නේ පසුගිය දිනෙක ඔහු ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලබාගත් විශිෂ්ඨ ශතකය නිසා.

ඔහුගේ පිතිකරණ රටාව ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයන්ගේ පිතිකරණයට සමාන කරන්නත් ඇතැම් අය පෙළඹුණා.

ඒ තරමට ඔහු ලබාගත් ශතකය සුවිශේෂි එකක් වුණා..

මේ විදියට කුසල් ගැන හැමෝම කතා බහ වෙද්දි මේ දවස් වල ලෝ පුරා අති සාර්ථකව තිරගත වන  කබාලි චිත්‍රපටයේ රජිනිකාන්ත්ගේ වීඩියෝවකට කුසල්ගේ රුව ඇතුළත් කළ වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි වල හුවමාරු වනවා.

කබාලි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක වීඩියොවක රජිනිකාන්ගේ රුවට තමයි මෙසේ කුසල්ගේ රුව සම්බන්ධ කරලා තියෙන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.