Sunday, April 28, 2024

General line - 0115112241

කුලසේකරට සමුදෙන තරගයේදී ශ‍්‍රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්

හර්ෂිකා සංජීවනි




ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 03 වන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී මේවනවිට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා ගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 294 ක් රැස් කළා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක් රැුස් කළේ පන්දු 58 කදීයි. ශ‍්‍රී ලංකා පිතිකරුවන් අවසන් පන්දුවාර 10 දී ලකුණු 106 ක් රැුස් කිරීමට සමත්වීම ද මෙහිදී කැපි පෙනුණා. පන්දු යැවීමේදී සෞම්‍ය සර්කාර් ලකුණු 56 කට කඩුළු 03 ක් සහ ශාෆුල් ඉස්ලාම් ලකුණු 68 කට කඩුළු 03 ක් බිඳ හෙළුවා. 

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කරන බංග්ලාදේශ කී‍්‍රඩකයින් පන්දුවාර 8ක් අවසානයේ කඩුළු 2 දැවී ලකුණු 29 ලබා සිටිනවා. 

මේ අතර මෙම තරගයේදී ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගත් ශ‍්‍රී ලංකා කී‍්‍රඩක නුවන් කුලසේකරට උපහාර පිදීම ද සිදුවනවා.