Sunday, April 28, 2024

General line - 0115112241

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව නැවතත් වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ලහිරු කපුගේ/හර්ෂිකා සංජීවනි




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද දිනයේත් අදහස් පළ වුණා.

මේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිමල් ලන්සා. 

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් මරික්කාර් ද මෙහිදී අදහස් පළ කළා. 

මේ අතර ශ‍්‍රී ලංකාවේ කි‍්‍රකට් වර්තමානයේ දරුණු පසුබෑමකට ලක්ව ඇති බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ.  

 
මේ අතර හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම පාර්ලිමේන්තුවේදී අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එහිදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 42 ක් හිමිවු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 02 ක් පමණයි.