Sunday, April 28, 2024

General line - 0115112241

ජාතික තරුණ ස්වේච්චා සේවය යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය




ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ අදහසක් අනුව "ජාතික තරුණ ස්වේච්චා සේවය"යළි ක්‍රියාවට නැගීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

“විනය ගරුක හා කුසලතාවලින් පිරිපුන් ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවක් ගොඩනැගීම " මෙහි අරමුණ වන අතර මේ යටතේ ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවයට බැඳී වැඩ කටයුතු කරන තරුණ,තරුණියන්ට සුවිශේෂි වරප්‍රසාද රැසක්ම ලැබෙන අතර පාසැල් අධ්‍යාපනයෙන් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොමුවීමේදී ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය තුළින් ළකුණු ලැබෙන ක්‍රමයක්ද ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතයි.

එමෙන්ම රාජ්‍ය සේවයට බැඳීමේදීද ස්වේච්චා සේවය හා එක්ව සිටි අයදුම්කරුවන්ට වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇත.