Monday, May 6, 2024

General line - 0115112241

පැහැරගත් අයෙක් නිවසක් තුළ පහරකෑමට ලක්වෙමින් සිටියදී පොලිසිය මුදා ගනී




නිවසක් තුළ පුද්ගලයෙකුට පහරදී සිරකරගෙන සිටින බවට ලැබුණු තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් අදාළ පුද්ගලයා මුදාගෙන රෝහල් ගත කර තිබෙනවා.

බණ්ඩාරගම පොලිස් වසමේ කොස්වත්ත ප්‍රදේශයේ නිවසක දී ඊයේ (31) අදාළ පුද්ගලයා මුදාගෙන තිබුණා.

එහිදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර අදාළ පුද්ගලයා පැහැර ගැනීමට යොදා ගත් බව කියන වෑන් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. එහි රියදුරු ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි බණ්ඩාරගම පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38, 42, 51 යන වයස්වල පසුවන අතර ඔවුන් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

තුවාලකරු සේවය කළ ස්ථානයේ මුදල් සොරකමක් සම්බන්ධව අයිතිකරු විසින් මෙලෙස තුවාලකරු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිර කරගෙන තබාගෙන සිට ඇති බවයි පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මේ වන විට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.