Sunday, May 5, 2024

General line - 0115112241

සාක්ෂි විමසීමට අගවිනිසුරු ගෙන්වන කතාව ගැන පැහැදිළි කිරීමක්

හේමන්ත කහවලගේ/ලහිරු කපුගේ




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය කැඳවීමේ සූදානමක් පවතින බවට පළ වන වාර්තා එම කාරක සභාව ප‍්‍රතික්ෂේප කරනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එහි නියෝජිතයෙකු ප‍්‍රකාශ කළේ අගවිනිසුරුවරයා කැඳවීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් වසර එකහමාරකට පෙර සහරාන් හෂීම් සම්බන්ධයෙන් යොමු කළ ලිපිගොනුවට අදාළව නීතිය කි‍්‍රයාත්මක නොවීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ යටතේ අගවිනිසුරුවරයා කැඳවීමට නියමිත බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් එම වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නියෝජිතයා ප‍්‍රකාශ කළා. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (01) පස්වරු 01.00 ට රැස්වීමට නියමිතයි. අද දිනයේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු වැඩබලන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් නිශාන්ත සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙනු ඇති.