Sunday, May 5, 2024

General line - 0115112241

පූජිත් සහ හේමසිරිගේ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂේප වෙයි (UPDATE)

හර්ෂිකා සංජීවනි




නීතිපතිවරයා විසින් ගොණුකළ ප‍්‍රතිශෝධන පෙත්සමට එරෙහිව හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් අද ප‍්‍රතික්‍ෂේප කළා.

නීතිපතිවරයා මෙම ප‍්‍රතිශෝධන පෙත්සම ගොණුකර තිබුණේ ඔවුන් දෙදෙනා ඇප මත මුදාහැරීමට  කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින්.

මිනීමැරීමේ චෝදනාවක් එල්ල වී ඇති අයෙකුට ඇප ලබා දීමට බලය ඇත්තේ මහාධිකරණයට බවයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලූආරච්චි මෙහිදී පෙන්වා දුන්නේ. ලබාදී ඇති ඇප නියෝගය හරහා මහේස්ත‍්‍රාත්වරිය නීතියේ අපගමනයක් සිදු වීමට අවස්ථාව සලසා ඇති බවද කොළඹ මහේස්ත‍්‍රාත්වරයා සදහන් කළා.

ඒ අනුව විත්ති පාර්ශවයේ මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කොට නීතිපතිවරයාගේ ප‍්‍රතිශෝධන පෙත්සම සැප්තැම්බර් මස 6 දා විභාගයට ගැනීමටයි මෙහිදී නියෝග කෙරුණේ. මෙම මූලික විරෝධතා අද කැදවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර අද දින මහාධිකරණයේ පෙනී සිටියා.
 

-----------------------------------------------------------------------------------------------------------------

පූජිත් සහ හේමසිරි අදත් කොළඹ මහාධිකරණයට

01-08-2019 14:33

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අද දිනයේත් කොළඹ මහාධිකරණය හමුවට පැමිණ තිබෙනවා.

ඒ, ඔවුන්ට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීම හේතුවෙන්. 

ඒ අනුව අද පෙරවරු 09.30ට පමණ හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර මහාධිකරණයට පැමිණි බවයි වාර්තා වුණේ.

නීතිපතිවරයා විසින් ගොණුකර ඇති මෙම ප‍්‍රතිශෝධන පෙත්සම පසුගිය මස 23 වනදා කැඳවූ අවස්ථාවේ කරුණු තහවුරු කිරිම සදහා එය අද දිනයේ කැඳවීමට මහාධිකරණය නියෝග කළ.