Monday, May 6, 2024

General line - 0115112241

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ ති‍්‍රපුද්ගල මහාධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

අධිකරණ වාර්තාකරු




අධිකරණය මගහරිමින් සිටින බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරී ඉමදුව ඉන්දික සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරනය අද විවෘත වරෙන්තු නිකුත් කළා.

ඒ, 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් පිරිසක් වෙඩි තබා  ඝාතන කිරීමේ සිද්ධියට අදාලවයි.

විත්තිකරු මේ වන විට අධිකරණය මගහරිමින් විදේශ ගත වී ඇති බවට අධිකරණයේ සිදු කළ සාක්ෂි විමසීමේදී අනාවරණය වුණා.

ඒ අනුවයි බුද්ධි අංශ නිලධාරී ඉමදුව ඉන්දික සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළඹ ති‍්‍රපුද්ගල මහාධිකරණය අද විවෘත වරෙන්තුවක් නිකුත් කළේ.