Saturday, May 4, 2024

General line - 0115112241

කෘතීම රා නිෂ්පාදනාගාරයක් වටලයි

කසුන් කැළුම්




බෙන්තර, ඉඳුරුව ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කෘතීම රා නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා තිබෙනවා. 

ඒ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. එහි තිබී කෘතීම රා ලීටර් දහසක් සොයා ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම කෘතීම රා තොගය බහා තිබුණේ ලීටර් 200 බැගින් අඩංගු බැරල් 5කයි. 

මීට සම්බන්ධ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළා. යූරියා, බැරලෝහ, ජංගම දුරකතනවල බැටරි යොදා ගනිමින් කෘතීම නිෂ්පාදනය කරන අතර ඒවා මිනිස් සෞඛ්‍යයට දැඩි ලෙස හානි දායක බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත්තේ. 

සෞඛ්‍යයට හානිදායක මෙම කෘතීම රා ඇතැමුන් විනාකිරි නිෂ්පාදනයටද යොදා ගන්නා බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.