Sunday, May 5, 2024

General line - 0115112241

නීතිපතිවරයා විරුද්ධ නොවේ - අලි රොෂාන්ට ඇප




අලි ජාවාරම්කරුවෙකු බව පැවසෙන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනා කොළඹ විශේෂ මහාධිකරණය විසින් අද ඇප මත මුදා හැරුණා. 

ඒ, අදාළ නඩුව ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. බලපත‍්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු ළග තබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණා. එහිදී අධිකරණය හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් අද පෙනී සිටියේ ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාරයි. 

විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැරීම පිළිබද නීතිපතිවරයා විරුද්ධ නොවන බව ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කර සිටියා. ඒ අනුව රුපියල් විසි පන්දහසක් බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් 8 දෙනා මුදා හැරීමටයි ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙහිදී නියෝග කළේ.