Monday, May 6, 2024

General line - 0115112241

හලාවත-කුරුණෑගල බස් වර්ජනයක්

ජුඩ් සමන්ත




හලාවත - කුරුණෑගල අතර ධාවනය වන පුද්ගලික බස් රථ අද (02) දහවල් සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවය විසින්  කුරුණෑගල සිට හලාවත දක්වා සහ බිංගිරිය-වැල්පොතුවැව සිට කුරුණෑගල දක්වා නව බස් රථ දෙකක් ඊයේ (01) සිට ධාවනයට එක් කිරීම හේතුවෙනි.

මෙම මාර්ගයේ ධාවන කටයුතු සදහා පුද්ගලික බස් රථ 51 ක් යොදවා ඇත. වෙනත් බස් රථ මාර්ගය සදහා යෙදවීමක් නොකරන බවට බස් රථ හිමියන් සහ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග ගිවිසුමක්ද ඇති බවත්, එලෙස ගිවිසුමක් තිබියදී නව බස් රථ දෙකක් ධාවනයට එක් කිරීම හේතුවෙන් ඊට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ හිමියන් සේවාවලින් ඉවත්ව ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

දැනට යොදවා ඇති බස් රථ වලට අමතරව තවත් බස් රථ යොදා හැකි තරම් මගීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කර ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවේ ප්‍රකාශයෙක් සඳහන් කර සිටියේ.