ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත් කරගැනීමට තමා උත්සාහ දැරූ බව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. තමා ඒ සම්බන්ධයෙන් මහේල ජයවර්ධනට කෙටි පණිවිඩ මගින් දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ. එහෙත් තමා ඒ සඳහා තවමත් උනන්දුවක් නොමැති බව මහේල ජයවර්ධන එහිදී ප්‍රකාශ කළ බව ක්‍රිඩා අමාත්‍යවරයා සඳහන් කළා. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නව පරපුර හදුනා ගත හැකි පුහුණුකරුවෙක් බවයි ඔහු ප්‍රකාශ කලේ.
මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීම සඳහා ලොව ප්‍රධාන පෙලේ පුහුණුකරුවන් පස්දෙනෙකු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (02) මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.