Saturday, May 4, 2024

General line - 0115112241

දේශිය කිරි පිටි මිලත් වැඩි කිරීමට ඉල්ලීමක්

නිශාන් ද සිල්වා/ මහේෂ් චතුරංග




දේශීය කිරිපිටි මිලද ඉදිරි සතියේදී ඉහළ නැංවීම සදහා රජය සමග සාකච්ඡා කළ බව පැල්වත්ත කිරි නිෂ්පාදන ආයතනය පවසනවා. එහි සභාපති ආරියශීල වික‍්‍රමනායක නෙත් නිවුස් වෙත කියාසිටියේ රජය අනුමත කරන එම නව මිල දේශීය කිරිපිටි සමාගම්වලට ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි.

 

පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්‍ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ පැවසුවේ දේශීය කිරිපිටි මිලෙහි සංශෝධනයක් ඉදිරියේදි සිදුවිය හැකි බවයි.

පෙරේදා මධ්‍යම රාතී‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 01ක මිල රුපියල් 15කින් ඉහළ දැමුණා. ග‍්‍රෑම් 400යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 05කින් ඉහළ නැංවීමටයි පාරිභෝගික අධිකාරිය තීරණය කළේ. ඒ, කිරිපිටි මිළ සූත‍්‍රයට අනුවයි.

කෙසේවෙතත් පැල්වත්ත කිරි නිෂ්පාදන ආයතනයේ සභාපති ආරියශීල වික‍්‍රමනායක පැවසුවේ දේශීය කිරි අපනයනය කිරීමටද ඉදිරි වසර තුළ කටයුතු කරන බවයි.