Sunday, May 5, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීමේ ගිණුමේ පොළිය ගැන ආණ්ඩුවෙන් පැහැදිළි කිරීමක්

මහේෂ් චතුරංග




ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ලබා දෙන සියයට 15 ක පොලී අනුපාතයේ කිසිඳු වෙනසක් නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ අදාළ බැංකු පොලී අනුපාතය අඩු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.

2015 අයවැය යෝජනා මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රුපියල් මිලියනයක් දක්වා රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කළා. ඉකුත් අයවැයෙන් මෙම පොලී සහන සීමාව ලක්ෂ 15 ක් දක්වා වැඩි කිරීමටයි තීරණය කෙරුණේ. 

මේ අතර ආණ්ඩුව ලබා දුන් පොරොන්දු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අද අදහස් පළ කළා.