Monday, May 6, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන විශේෂ කාරක සභාව හමුවට අගමැති අද පැමිණෙයි

දිල්ශාන් තුෂාර




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (06) පෙනී සිටීමට නියමිතයි. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයා පස්වරු 06.00 ට පමණ විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.

මීට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර ද අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදීමට නියමිතයි.

අද දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිදු කරන විමර්ශනවල වත්මන් තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට සිදු කෙරෙමින් තිබෙන්නේ සිය විමර්ශනවල අවසන් අදියරේ සාක්ෂි විමසීම බවයි. එමෙන්ම විමර්ශන කඩිනමින් අවසන් කරන බවද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.