Monday, May 6, 2024

General line - 0115112241

"සජිත් කැපුවත් කොළ..ඕනේ නම් කපලා බලන්න" - මනෝ කියයි

දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති ධුර අපේක්‍ෂකත්ව සිහිනය බොඳ වුවහොත් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ වෙනත් පක්‍ෂයකට කිසිදා එක් නොවනු ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ නව පෙරමුණ දිනන අපේක්‍ෂකයෙකු පත් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ "සජිත් ප්‍රේමදාස මට දන්න විදිහට කැපුවත් කොළ. ඕනෙනම් කපලා බලන්න.. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන එක්කෙනෙක් නෙමෙයි. ගෝඨාභය මහත්තයාට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වුණොත් මම පෞද්ගලිකව සුබ පතනවා එතුමාට. එතුමා ඉල්ලනවා නම් එතුමාට ගැලපෙන විදිහට දක්ෂ දිනන්න පුළුවන් අපේක්ෂකයාව අපි දානවා. අවසානයේ අපි තමයි දිනන්නේ." යනුවෙනි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සහ එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ නව පෙරමුණ සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමින් සඳහන් කළේ තමන් ඉදිරි කටයුතු සිදුවෙන ආකාරය පිළිබඳව ඝෘණාත්මකව නොසිතන බවයි.