Sunday, May 5, 2024

General line - 0115112241

සීමාවාසික වෛද්‍යවරුන් දිවයින පුරා වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම්

ඩිල්ෂාන් මඩවල/දිල්ශාන් තුෂාර




සිය පත්වීම් ලබාදීම ප‍්‍රමාදවීම සහ තවත් ගැටළු රැසක් මුල් කර ගනිමින් සීමාවාසික වෛද්‍යවරුන් දිවයින පුරා වර්ජනයක් ආරම්භ කිිරීමට සූදානම් වනවා.

ඒ පිළිබදව අද පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පැවසුවේ.

සීමාවාසික වෛද්‍යවරුන් සිදුකරන කාර්යභාරය පිළිබදවද මෙහිදී පැහැදිලි කෙරුණා. එහිදී රෝගීන්ව ප්‍රථම පරික්ෂාව සිදු කරන්නේ මෙම වෛද්‍යවරුන් බවයි ප්‍රකාශ කෙරුණේ. මේ වන විට දෛව්‍යවරුන් පත් නොකිරීම නිසා ගැටලු මතුවී ඇති බවද සඳහන් කළා.