Sunday, April 28, 2024

General line - 0115112241

ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා හෙළි කිරීම අන්තිම මොහොතේදී

දිල්ශාන් තුෂාර




සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට ආසන්නයේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඉදිරි සති කිහිපය තුළ සිය නව දේශපාලන පෙරමුණ පිහිටුවා ගැනීමට හැකිවනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ. 

එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට සිය පක්ෂය කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මෙහිදී සඳහන් කළා.