Sunday, April 28, 2024

General line - 0115112241

අගමැති එජාපයේ පිරිසක් පමණක් රැස්වීමකට කැඳවලා ලු

හේමන්ත කහවලගේ




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සාකච්ඡාවක් සඳහා හෙට (09) අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.

සාකච්ඡාව සඳහා කැඳවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගෙන් කොටසක් පමණයි.

සාකච්ඡාවේ අරමුණ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

දේශපාලන ආරංචි පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම කැඳවන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් ලිපියකට අත්සන් ලබාගනිමින් සිටින බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් පිරිසක් මෙලෙස කැඳවා ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.