Sunday, April 28, 2024

General line - 0115112241

ඩෙංගු රෝගීන්ට ලබා දෙන ඖෂධ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිහි කැඳවීමක්




නිරිත දිග මෝසම සකී‍්‍රයවීමත් සමග දිස්ති‍්‍රක්ක කිහිපයකින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි. 

මේ අනුව උණ රෝගයෙන් පෙළෙන තැනැත්තන්ට මේ දිනවල ඇස්පී‍්‍රන් ඇතුළු ප‍්‍රතිආසාත්මික වේදනා නාශක ඖෂධ ලබාදීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන්ට සිහිකැඳවීමක් කරනවා.

රෝගීන් ද තමාට ලබා දෙන ඖෂධ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව නිවේදනයේ සඳහන්. යම් රෝගියෙකුට ඩෙංගු වැළඳී ඇත්නම් ඇස්පී‍්‍රන් ඇතුළු ප‍්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතා කිරීමේදී එම රෝග තත්ත්වය උත්සන්න වී මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. 

පසුගිය දිනවල එවැනි සිද්ධීන් දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින්ම වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.