Sunday, April 28, 2024

General line - 0115112241

සජින් වාස්ට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කරයි 




පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (08) අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළව දීර්ඝ කාලයක් පුරා සිදුකළ විමර්ශන වල උධෘත පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත්‍රීවරයකුද වන විත්තිකරුට එරෙහිව අධි චෝදනා නැඟීමට නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නා.

2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේදී නීති විරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් 44,51,11,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීති විරෝධි ක්‍රියාකාරකම් වලින් එම මුදල් උපයා ගත් බව දනිමින්ම ඉන් රුපියල් 30,62,68,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම් වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

විත්තිකරු විසින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකොට ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා ඇත.