Sunday, April 28, 2024

General line - 0115112241

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් මහින්දව හමුවෙයි




අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් Alice Wells මෙනවිය  අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසේදීයි.  

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඊට අනුව මෙම හමුව සිදුව තිබෙනවා. තවද පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද පස්වරුවේ නම් කිරීමට නියමිත අතර එවන් පසුබිමකයි මෙම හමුව සිදුව තිබෙන්නේ.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Alaina B Teplitz ද සහභාගී වී තිබෙනවා.