Monday, April 29, 2024

General line - 0115112241

අපේ කෙනා දිනන කෙනා - පොහොට්ටුවට එජාපයෙන් ප්‍රතිචාර




ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම එක්සත් ජාතික පක්ෂට අභියෝගයක් නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. නිසි වේලාවේදී එක්සත් ජාතික පක්ෂය දිනන අපේක්ෂකයා ජනාධිපතිරණයට නම් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

අමාත්‍ය රාජිත සේනාරත්න එම අදහස් පල කළේ මතුගම හා අලුත්ගම යා කෙරෙන නව මාර්ග හා පාලම් පද්ධතිය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදීයි. 

මේ අතර ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීම තවමත් ප්‍රමාද ඇයි දැයි මාධ්‍යවේදීන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන්ද විමසා සිටියා.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍යවේදීන් වෙත එම අදහස් පලකළේ මහනුවරදීයි.