Monday, April 29, 2024

General line - 0115112241

මිනිස් ඇට සැකිල්ලක් කුටියේ තබාගත් හිමිනම රිමාන්ඩ්

ජූඩ් සමන්ත




සොහොන් බිමකින් ගොඩගත් මිනිස් ඇට සැකිල්ලක් කාමරයක තබා ගෙන සිටි බව කියන ස්වාමීන් වහන්සේ නමක් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) සවස නියෝග කර තිබෙනවා.

වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ තබ්බෝව - තේවණූරුව ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේ නමක්.

පසුගිය දිනවල කරුවගස්වැව - තබ්බෝව,තේවණූරුව ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානය තුළ පිංකම් මාළාවක් පවත්වා තිබුණා. එම පිංකම් මාලාවේදී හොල්මන් මන්දීරයක්ද පෙන්වා ඇති අතර එම හොල්මන් මන්දීරය සඳහා මෙම ඇට සැකිල්ල ගෙනවිත් ඇති බව මූලික විමර්ශණවලදී හෙලි වී තිබෙනවා.

මෙම ඇට සැකිල්ල මීට වසර 03 කට පමණ පෙර මිය ගොස් ඇති තේවණූරුව ගම්මනායේම පදිංචිව සිටි වයෝවෘද්ධ අයෙකුගේ බවත් එය ගොඩ දමා ඇත්තේ තේවණූරුව සොහොන් බිමෙන් බවටත් පොලීසිය විසින් කරන ලද විමර්ශණවලදී හෙලිවී ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

හොල්මන් මන්දීරය අවසන් වීමෙන් පසුව ගෙනවිත් තිබූ ඇට සැකිල්ල නැවත මිහිදන් නොකර සැකකාර ස්වාමීන් වහන්සේ විසින් තමන්ගේ කාමරයේ තබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

විහාරස්ථානය දෙසින් හමා යන දුර්ඝන්ධයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් ඊයේ (11) දහවල් පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව පැමිණ ඇති පොලීසිය සැකකාර ස්වාමීන් වහන්සේගේ කාමරය් තිබී ඇට සැකිල්ල සොයා ගෙන තිබුණා.