Monday, April 29, 2024

General line - 0115112241

හජ් උත්සවය අදයි

සජිත් තිලකරත්න




ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික අංගයක් වන හජ් උත්සවය අදට (12) යෙදී තිබෙනවා.

හජ් උත්සවය ඊබ‍්‍රහිම් නබිතුමන්ගේ ජීවන චර්යාවන් සමග බැදී තිබෙන්නක් බවයි තිහාරිය ඊබි‍්‍රහිම් පල්ලියේ ප‍්‍රධාන අනුශාසක මුනීර් මුලෆර් මවුලවීතුමන් පවසන්නේ. 

ඊබ‍්‍රහිම් නබිතුමන්ගේ පරිත්‍යාග සහ කැපකිරීම් සිහි කරමින් දිළින්දන්ට දං දීම සහ මක්කම වන්දනාව වැනි සංකේතාත්මක පිළිවෙත් හජ් උත්සවයේදී සිදු කෙරෙන බවද මෙහිදී සිහිපත් කෙරුණා.

කෙසේවෙතත් එවැනි සංඛේතාත්මක පිළිවෙත්වලටත් වඩා වැදගත් වන්නේ හජ් සැමරුම නිමිත්තෙන් නබිතුමන් ලෝකයට ලබා දුන් පණිවිඩ නිවැරදිව හදුනාගෙන ඒවා පුහුණු කිරීම බවයි මුනීර් මුලෆර් මවුලවීතුමන් වැඩිදුරටත් පැවසුවේ.