Monday, April 29, 2024

General line - 0115112241

හජ් සමරන ඉස්ලාම් බැතිමතුන්ට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංෂණ




අද දින හජ් සමරන සියලූ ඉස්ලාම් බැතිමතුන්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුභාශිංෂණ පළ කරනවා. 

ඒ අනුව හජ් උත්සවය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසන්නේ හජ් සැමරුම මගින් ඉස්ලාම්වරුන්ට සැපයෙන්නේ සියළු ආගමිකයන් සමග සමානාත්මතාවයෙන් දිවි ගෙවීම සඳහා වු ශික්ෂණයක් යැයි විශ්වාස කරන බවයි.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ හජ් සැමරුම ලෝක සාමය වෙනුවෙන් දෙවියන් නමදින අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවයි. 

තණ්හාව සහ ආත්මාර්තය පසෙකළා බෙදා හදා ගැනීම පුහුණුවීමට හජ් සැමරුම අවස්ථාවක් කර ගතයුතු බවද අග‍්‍රාමාත්‍යවරයා කියා සිටිනවා.