Tuesday, April 30, 2024

General line - 0115112241

රුහුණු සරසවියේ නවකවධ සිද්ධියට සම්බන්ධ සිසුන් යළි රිමාන්ඞ්

ඩිල්ෂාන් මඩවල




නවකවධය ලබාදුන් බවට චෝදනා ලබා සිටින රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනෙකු ලබන 26වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගලගේ නියෝගයක් අනුවයි. නවකවධයට ලක්වූ බව කියන සිසුවාගේ වෛද්‍ය වාර්තාවක් මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.