Tuesday, April 30, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ දුම්රිය වෙනුවෙන් ඩොලර් මිලියන 161ක ප්‍රදානයක්




ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය සංවර්ධනය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 161ක ආධාරයක් ලබාදී තිබෙනවා. මෙයින් අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබා දී ඇත්තේ ආපසු නොගෙවන ප්‍රදානයක් ලෙසයි.

ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 160ක මුදල වසර 08කින් ආපසු ගෙවීම සඳහා සියයට දශම 5ක සහන පොලියකට ලබාදී තිබෙනවා. ව්‍යාපෘතීන් 08ක් සඳහා මෙම ආධාරය ආයෝජනය කරන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසන්නේ.  

දුම්රිය ප්‍රවේශපත්‍ර සහ ආසන වෙන් කිරීමේ නව පද්ධතියක් ස්ථාපිත කිරීම, කොළඹ දුම්රිය පාලන කාර්යාලය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදිකිරීම, දුම්රිය පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීම සහ කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය ඒ අතර වනවා.

රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවට නව කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් ඉදිකිරීම, මහනුවරට තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ කොළඹ මාලිගාවත්ත යටිබිම් මාර්ගය පුළුල් කිරීම යෝජිත තවත් ව්‍යාපෘතීන් කිහිපයක්.