Tuesday, April 30, 2024

General line - 0115112241

කන්ජිපානි ඉම්රාන් සමග සම්බන්ධකම් පැවැත්වූ උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් 




සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කන්ජිපානි ඉම්රාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ලවී ඇති කොළඹ අපරාධ කොට්ඨාෂයේ උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා. 

ඒ අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනා මන්නාරම, මුලතිව් සහ යාපනය පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මාගල්කන්දේ සුදන්ත හිමියන් විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ල අනුව මේ සිද්ධිය සමබන්ධයෙන් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුව ගල්කිස්ස ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මුලික විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට භාරදී ඇත.