Tuesday, April 30, 2024

General line - 0115112241

එජාපය තුල දෙදිරීමක් නැහැ : අමාත්‍ය පාඨලී කියයි

මහේෂ් චතුරංග / සිතාරා අතුකෝරල




එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවීමට යෝජනා කරන නව සන්ධානය සහ එහි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ කෙරුණා. 

මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ විසඳාගත යුතු ප්‍රශ්න මිස කිසිදු දෙදිරීමක් එක්සත් ජාතික පක්ෂයේ නොමැති බවයි. කොළඹ දී අද ආරම්භ කෙරුණු ඡායාරූප ප්‍රදර්ශනයක් අතරවාරයේ මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් මෙම ප්‍රශ්න කිරීම කළා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.