Tuesday, April 30, 2024

General line - 0115112241

ජනපතිවරණය ජයගන්න අවශ්‍යම දේ රනිල් කියයි

දිල්ශාන් තුෂාර




එළඹෙන ජනාධිපතිවරණය පහසුවෙන් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහෙත් ඒ සඳහා එකමුතුව අවශ්‍ය වන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

මාතර, හම්බන්තොට, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන නියෝජිතයන් සමඟ අද (19) පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි.