Tuesday, April 30, 2024

General line - 0115112241

සජිත්ගෙන් කාන්තාවන්ටත් පොරොන්දුවක්

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද කාන්තාවන් සඳහා පොරොන්දුවක් ලබාදුන්නා. ඒ, සිය පාලනයක් යටතේ කාන්තාවන් සුරක්ෂිත කර නඟා සිටුවන බවටයි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දෙසැම්බර් මාසයේදී ලබාදෙන දෙන ඒ විශිෂ්ඨ ජනවරම හරහා මේ කාන්තාවන් සියලු දෙනාගේ සුරක්ෂිතභාවය තහවුරු කරන බව තමන් පොරොන්දු වෙන බවයි. ඉතිරි කිරීමේ ක්‍රමය හඳුන්වා දෙන්න ඕනේ. පිං කැට අරන් ජාත්‍යන්තරය හමුවට ගිහින් අනේ අපිට ආධාර කරන්න කිය කියා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපේ කාන්තාවන්ට පුලුවන් ඉතිරි කිරීම හරහා නව ආරථික බලගැන්වීමක් කරා යන්න.

දඹුල්ල, ඇඹුල්අඹේ රන්දදගම නිවාස යෝජනා ක්‍රමය වෙනුවෙන් අද (19) පැවති උත්සවයකදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළා.