Tuesday, April 30, 2024

General line - 0115112241

වෛද්‍යවරු තවත් වැඩවැරුමකට දින දෙති




ලබන බ්‍රහස්පතින්දා (22) උදෑසන 08 සිට පැය 24ක කාලයක් වැඩවර්ජනයක යෙදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සිය විධායක සභාව ගත් තීරණයකට අනුව රටපුරා වැඩවර්ජනය සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. 

මෙම වැඩවර්ජනය සඳහා පාදක වන කරුණු 08ක්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා. පළමු කරුණ වන්නේ බාල ඖෂධ හා පවතින ඖෂධ හිගයයි. උසස් පෙළ විෂයන් 03ම අසමත්වූවන්ටද වෛද්‍ය පත්වීම් ලබාදීමට දරණ උත්සහයට විරෝධය පළ කිරීම හා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත කිරීමට බල කිරීම ද පාදක කරුණු අතර වනවා.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු පිළිබඳ ගැටළු සමහරක් ද මෙම කරුණු අතරට ඇතුළත්.