Saturday, May 4, 2024

General line - 0115112241

ධනංජයගෙන් ඉල්ලීමක්

කසුන් කැලුම්




පිතිකරු ලැයිස්තුවේ ස්ථාවර ස්ථානයක් හිමිවන්නේ නම් තමන්ට තරගාවලියක සාර්ථක වීමට හැකි බව ධනංජය ද සිල්වා පවසනවා. නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ඔහු ඊයේ (24) ශතකයක් වාර්තා කළා.

තරගයේ තුන්වන දිනය නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ ධනංජය ද සිල්වා එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ කුමණ බාධක පැමිණියත් කණ්ඩායම වෙනුවෙන් සිදු කළ හැකි උපරිමය හැම තරගයකදීම සිදු කරන බවයි. 

මේ අතර සංචාරක නවසිලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වන දිනය අදයි.

ඊයේ දිනය නිමාවන විට පළමු ඉනිම කී‍්‍රඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 196 ක් ලබා සිටියා. ඒ, ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 244 ට පිළිතුරු වශයෙන්. ටොම් ලැතම් ලකුණු 111 ක් සහ ඩී. ජේ වැට්ලින් ලකුණු 25 ක් ලබා නොදැවී පන්දුවට පහර දෙනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගනයේදීයි.