Saturday, May 4, 2024

General line - 0115112241

ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට තෑගිත් නෑ තෑගි දෙනවා කියපු ඇමතිත් නෑ

කසුන් කැලුම්




ඉකුත් වසරේ පැවති 43 වන ජාතික මහා කී‍්‍රඩා උළලේ දක්ෂතම කී‍්‍රඩකයා සහ දක්ෂතම කී‍්‍රඩිකාවට හිමි යතුරුපැදි මෙතෙක් ලබාදී නොමැති බව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා.

එම ත්‍යාග ලබාදෙන බව පවසා මේ වනවිට වසරක් ගතවී අවසන්. ඉකුත් වසරේදී ජාතික මහා කී‍්‍රඩා උළලේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේ උස පැනීමේ ශූර මංජුල කුමාරයි.

තුන් පිම්ම ඉසව්වට එක් වූ හෂිනි ප‍්‍රබෝධා එහි දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා. එවකට කී‍්‍රඩා අමාත්‍යවරයාව සිටි ෆයිසර් මුස්තාෆා විසින් එම කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවට අදාළ යතුරුපැදි ලබාදෙන බවට පොරොන්දුවක් ද ලබා දී තිබුණා.

එහිදී මංජුල කුමාර සහ හෂිනි ප‍්‍රබෝධා ජය සංඛේත ලබා ගත්තේ ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින්. තමන්ට හිමි යතුරුපැදි මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් මෙම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව, කී‍්‍රඩා අමාත්‍යවරයා වෙත ද ලිපියක් යොමුකර තිබුණා.

ඊට ද මෙතෙක් ප‍්‍රතිිචාර ලැබී නොමැති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. මේ පිළිබඳව නෙත් ස්පෝර්ට්ස්මන් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගලගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ හිටපු කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා එම යතුරු පැදි ත්‍යාග ලෙස ලබාදීමට පෞද්ගලිකව සඳහන් කර තිබූ බවයි.

එවකට පැවති දේශපාලන වාතාවරණයත් සමග එම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාවට එම අවස්ථාව අහිමි වී ගිය බවද කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.  

මෙම ගැටලූව සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී වත්මන් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා. කැපවී පුහුණුවීම් සිදු කර ජයග‍්‍රහණ ලබා ගත් මෙැවනි කි‍්‍රඩක කි‍්‍රඩිකාවන්නේ මානසිකත්වය පහත නොහෙලා සිය පොරොන්දු ඉටු කිරීම හිටපු මෙන්ම වත්මන් කි‍්‍රඩා බලධාරීන්ගේ ද වගකීමක් බව නෙත් ස්පොර්ට්ස්මන් නැවත නැවතත් සිහි කැඳවනවා.