Sunday, May 5, 2024

General line - 0115112241

ජාත්‍යන්තර චෝදනාවන්ට නව යුධ හමුදාපති උත්තර දෙයි

කමල් සුරවීර / හේරත් ඒකනායක




ජාත්‍යන්තරයෙන් කුමන චෝදනා එල්ල වුව ද රට වෙනුවෙන් තම වගකීම ඉටු කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මහනුවරදී අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


යුධ සමයේදී මෙන්ම ඉදිරියටත් දිවි පරදුවට තබා රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වන බවයි යුධ හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.