Sunday, May 5, 2024

General line - 0115112241

අලුත් ආණ්ඩුව උත්තර සෙවිය යුතු ප්‍රශ්න දෙකක් ගැන මන්ත්‍රි බන්දුල කියයි

මහේෂ් චතුරංග




ජාතික ආරක්ෂාව මෙන්ම රුපියලේ අගය ආරක්ෂා කිරීම යන අභියෝග, ඉදිරි ආණ්ඩුවකදී අනිවාර්යයෙන්ම උත්තර සෙවිය යුතු ප්‍රධාන ගැටලු 02 බවට දැන් පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ ඉතිහාසයේ පෙර නොවූ පරිදි ඉකුත්දා අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 181 යි ශත 53 ක් බවට පත් වූ බවයි.  

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ ද එක්ව සිටියා.

මේ අතර රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 181 යි ශත 24 ක් ලෙසයි.