Monday, May 6, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන්න තවදුරටත් වෙහෙසෙන බව කාදිනල් හිමි කියයි




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සත්‍ය සොයාගැනීම සඳහා තවදුරටත් කටයුතු කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ, රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී අද (25) පැවති රෝගීන් ආශිර්වාද ගැන්වීමේ මංගල්‍යයට එක්වෙමින්.

ප්‍රහාරයට ලක් වූවන් පිළිබඳ කාදිනල් හිමියන් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කර ඇති ඉල්ලීම සිය රජයක් තුළ නොපමාව ඉටු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද ප්‍රකාශ කළා.